Latest News

අනාරක්ෂිත නල ළිදක් තුළට ඇද වැටුණු 8 හැවිරිදි දරුවා බේරා ගැනීමේ මෙහෙයුම් තවමත් සාර්ථක නෑ

අනාරක්ෂිත නල ළිදක් තුළට ඇද වැටුණු ඉන්දීය දරුවා මුදාගැනීමේ මෙහෙයුම් තවමත් සාර්ථක වී නොමැති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

අදාළ දරුවා සිරවී ඇති ස්ථානයට ඉහලින් මඩ තට්ටුවක් සිරවී තිබිම හේතුවෙන් එම මෙහෙයුම් දුෂ්කර වී තිබෙනවා.

මෙලෙස නල ළිදක් තුළට වැටී ඇත්තේ, ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ ගම්මානයක පදිංචි ටන්මේ සාහු නම් 8 හැවිරිදි දරුවෙක්.

එම දරුවා අඩි 400ක් පමණ ගැඹුරු අනාරක්ෂිත නල ළිදක් තුළට ඇද වැටී තිබුණේ ඉකුත් අඟහරුවාදා පස්වරුවේ වන අතර මේ වනවිට ඔහු නල ළිද තුල සිර වී පැය 24කට වැඩි කාලයක් ගතවී ඇතත් දරුවා මුදාගැනීමට තවමත් හැකියාවක් ලැබී නොමැති බවයි වාර්තා වන්නේ.

සහන කණ්ඩායම් විශ්වාස කරන්නේ දරුවා මෙම ගැඹුරු නල ළිදෙහි අඩි 60ක පමණ ගැඹුරක සිරවී ඇති බවයි.

ඒ අනුව නළ ළිදට සමාන්තරව කැණිම් සිදුකර දරුවා මුදා ගැනීමට පියවර ගෙන තිබෙනවා.

කෙසේවෙතත් එම කටයුතු ද මේ විනට අඩි 25ක ස්ථරයකදී නවතා දමා තිබන්නේ පාෂාණ තට්ටුවක් හමුවිම හේතුවෙන්.

වෛද්‍යවරුන් දරුවාගේ තත්ත්වය අඛණ්ඩව නිරික්ෂණය කරමින් ඔක්සිජන් ලබාදීමට කටයුතු කරන නමුත් දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තා වන්නේ නැහැ.

මීට පෙරද අවස්ථා ගණනාවකදී ඉන්දියාව තුල අනාරක්ෂිත නළ ලිං වලට දරුවන් ඇද වැටීමේ සිද්ධීන් රැසක් වාර්තා වුණා.