Latest News

ඉන්දියාවේ තරුණියන් දෙදෙනකුට ලැබුණ සමරිසි තීන්දුව

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සමරිසි තරුණියන් යුවළකට යළි එක් වීමට එරට අධිකරණයෙන් අවසර ලබා දී තිබෙනවා.

ඒ 22 හැවිරිදි ආදිලා නස්රින් නමැති තරුණියගේ සහකාරිය ඇයගේ පවුලේ සාමාජිකයින් විසින් පැහැර ගනු ලැබූ බවට කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුවයි.

ඒ අනුව ඉන්දීය අධිකරණය නියෝග කර ඇත්තේ, ආදිලා නස්රින්ට සහ 23 හැවිරිදි ෆාතිමා නූරාට නිදහසේ ජීවත් විය හැකි බවයි.

මෙම තීන්දුව ලැබීමෙන් පසු ඔවුන් මාධ්‍යයට ප්‍රකාශ කලේ, එම තීන්දුව සම්බන්ධයෙන් දැඩි සතුටට පත්වුව ද, තමන්ට පූර්ණ නිදහසක් ඇතැයි විශ්වාස නොකරන බවයි.

අදාළ තරුණියන් දෙදෙනා සෞදි අරාබියේ අධ්‍යාපනය ලබමින් සිටිය දී සමීපවී ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.