කොවිඩ් මර්දන එන්නත 8 වරක් ලබා ගත් 65 හැවිරිදි පුරවැසියා
ඉන්දීය ජාතිකයෙකු පසුගිය වසර තුළ කොවිඩ් -19 වෛරසයට එරෙහි එන්නත් මාත්‍රා අවම වශයෙන් 8ක් වත් ලබාගෙන ඇති බව ඉන්දීය සෞඛ්‍ය නිලධාරියෙක් පවසනවා.
බ්‍රම්ඩියෝ මැන්ඩාල් නම් 65 හැවිරිදි විශ්‍රාමික ලිපි බෙදන්නෙකුවන එම පුද්ගලයා පවසා ඇත්තේ තමන් කොවිඩ් වෛරසයට එරෙහිව ලබා දෙන එන්නත් මාත්‍රා 11ක් බිහාර් ප්‍රාන්තයේදී ලබාගත් බවයි.
එම එන්නත් මාත්‍රා ලබා ගැනීමෙන් තමන්ට කිසිදු උපද්‍රවයක් නොවූ බවත් එම නිසා තමන් සෞඛ්‍ය සම්පන්නව සිටින බවත් අදාළ පුද්ගලයා සඳහන් කර තිබෙනවා.
ඔහු 12 වැනි කොවිඩ් එන්නත් මාත්‍රාව ලබා ගැනීමට යාමේදී බලධාරීන් විසින් ඔහුව නවත්වා ඇත.
මධ්‍යයේපුරා දිස්ත්‍රික්කයේ සිය පවුල සමඟ පදිංචිව සිටින මෙම පුද්ගලයා මෙලෙස කොවිඩ් එන්නත් ලබාගත්තේ කෙසේද යන්න පිළිබඳව පරීක්ෂණ පවත්වන බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් මධ්‍යයේපුරා දිස්ත්‍රික්කයේ වෛද්‍යවරයෙක් විදෙස් මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ මෙම පුද්ගලයා ස්ථාන 4කින් එන්නත් 8ක් ලබාගෙන ඇති බවට සාක්ෂි හමුවී ඇති බවයි.
පසුගිය වසරේ ජනවාරි මස 16වනදා සිට ඉන්දියාවේ කොවිඩ් එන්නත් ලබාදීම සිදුකරන අතර එහි ලබා දී ඇත්තේ එරට නිෂ්පාදනය කළ කොවිෂීල්ඩ් සහ කොවැසින් එන්නත්ය.