ඉන්දියාවේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන්ට විශේෂ පණිවිඩයක්
ඉන්දියාවේ විශ්වවිද්‍යාල සහ වෙනත් ආයතන වල ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසු සිසුවියන් පිළිබඳ සංගණනයක් ආරම්භ කිරීමට ඉන්දියාවේ නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය සහ කොන්සල් ජනරාල් කාර්යාලය සැලසුම් කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මේ බව සඳහන් කළා.
ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ඉන්දියාවේ ඉගෙනුම ලබන සිසු සිසුවියන්ට යම් සහායක් අවශ්‍ය වෙතොත් එහිදී ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට මැදිහත් වීමට මෙම ලියාපදිංචිය වැදගත් වන බව මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ එම නිවේදනයේ සඳහන්.
ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය,නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය සහ කොන්සල් ජනරාල් කාර්යාලය ලබා දී ඇති වෙබ් අඩවි සබැඳිය ඔස්සේ සිසු සිසුවියන්ට ලියාපදිංචි වීමේ හැකියාව තිබෙනවා.
මේ පිළිබඳව තම දරුවන් දැනුවත් කරන ලෙස මහ කොමසාරිස් කාර්යාලය අදාළ ලිපිය මගින් ශ්‍රී ලංකාවේ වෙසෙන දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා.