විෂ දුමාරයක් ආඝ්‍රාණයවී සිසුන් පිරිසක් රෝහල්ගත කෙරේ
විෂ දුමාරයක් ආඝ්‍රාණය වීමෙන් පානදුර නගරයේ ජනප්‍රිය පාසලක ප්‍රාථමික අංශයේ සිසුන් පිරිසක් රෝහල් ගත කර තිබෙනවා.
ඒ අනුව පාසල් සිසුන් 50කට අධික පිරිසක් පානදුර මූලික රෝහලට ඇතුලත් කර ඇති බව වාර්තා වනවා.
පාසල අසල නිවෙසක තිබූ වයර් සහිත කසල ගොඩකට ගිනි තැබීමෙන් පසු ඇති වූ හුස්ම ගැනීමේ අපහසුතාවයක් මත සිසුන් වහා රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබෙනවා.
තවත් සිසුන් පිරිසක් මේ වන විට ගිලන් රථ මගින් රෝහලට රැගෙන යන බව ද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.