Latest News

අද සිට ඉහළ යන ඉන්ධන මිල

ලංකා IOC සමාගමත් අද (21) දිනයේ සිට සිය ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දැමීමට තීරණය කර ඇත.

රුපියල් 157කට පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 177ක් වන අතර එසේම Extra Premium 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 210ක් ලෙස ඉහළ දමා තිබෙනවා.

මේ අතර ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වනුයේ රුපියල් 121ක් ද , සුපර් ඩීසල් ලීටරයක මිල ද රුපියල් 15 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සඳහන් වන්නේ රුපියල් 159ක් ද වනවා.