Latest News

ඉරාක විරෝධතාකරුවන් එරට පාර්ලිමේන්තුවට කඩා වදියි

ඉරාක විරෝධතාකරුවන් සිය ගණනක පිරිසක් එරට බැග්ඩෑඩ් අගනුවර පිහිටි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදී තිබෙනවා.

ඉරාකයේ මුක්ටාදා අල් සාදර්ගේ ඉස්ලාමිය නිකායට අයත් ආධාරකරුවන් පිරිසක් මෙසේ පාර්ලිමේන්තුව වෙත කඩා වැදී ඇත්තේ, රට තුල ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීම ප්‍රමාදවීම සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරමින්.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී ඉරාක මහ මැතිවරණය පැවති නමුත් තවමත් ජනාධිපතිවරයෙකු පත්කර ගැනීමට හෝ රජයක් පිහිටුවා ගැනීමට එරට නීති සම්පාදකයන් එකඟතාවකට පැමිණ නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.

ඒ අනුව මේ වන විට රාජ්‍ය නායකයෙකු හෝ රජයක් නොමැතිව ඉරාකය ගත කර ඇති කාලය දින 290කට අධිකයි.

එමෙන්ම ඉරාකයේ 2022 වසර සඳහා අයවැය ලේඛනයක් ද නොමැතිවීම විශේෂත්වයක් වනවා.