ISIS නායකයාට අමෙරිකානු හමුදා ප්රහාරයක්
වයඹ දිග සිරියාවේ දී අමෙරිකානු හමුදාව විසින් සිදුකරන ලද මෙහෙයුමකින් ඉස්ලාමිය රාජ්ය සංවිධානය හෙවත් ISIS නායක අබු බකර් අල්-බැග්ඩාඩි මරා දමා ඇති බවට විශ්වාසදායක ආරංචි මාර්ග තහවුරු කර සිටින බව CNN පුවත් සේවය වාර්තා කරයි.
හමුදා ප්රහාරයෙන් මියගියේ ISIS නායකයා ද යන්න බව අවසන් නිගමනය සඳහා ඔහුගේ සිරුරේ DNA හා ජෛවමිතික පරීක්ෂණ සිදුකිරීමට නියමිත බව අමෙරිකාවේ ජේෂ්ඨ ආරක්ෂක අංශ නිලධාරියෙක් උපුටා දක්වමින් CNN ප්රවෘත්ති සේවය සඳහන් කරයි.
අයි.එස්. නායක බග්ඩාඩි සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඞ් ට්රම්ප් අද විශේෂ ප්රකාශයක් සිදුකිරීමට නියමිතව ඇත.
Something very big has just happened!
— Donald J. Trump (@realDonaldTrump) October 27, 2019
