ISIS කාන්තාවන්ට බාල අපරාධ චෝදනා
ISIS කාන්තාවන් විසින් සිය වර්ගයා වර්ධනය කර ගැනීම සඳහා බාලවයස්කාර පිරිමි දරුවන් රැඳවුම් මධ්‍යස්ථාන තුල තබා ගනිමින් ගැබ් ගැනීමට උත්සහා කරන බව “ඩේලි බීස්ට්” පුවත් සේවය වාර්තා කරනවා.
රැඳවුම් මධ්‍යස්ථාන තුලින් ගලවාගත් අවුරුදු 13ක් වයසැති කුඩා පිරිමි ළමයින් පවසන්නේ, කඳවුරුවල පිරිමින් නොමැති නිසා ISIS කාන්තාවන් ගැබ් ගැනීමට ඔවුන් යොදා ගන්නා බවත් ඒ සඳහා අවම වශයෙන් බාලවයස්කාර පිරිමි දරුවන් 10 දෙනෙකු බලහත්කාරයෙන් තබාගෙන ඇති බවත් ය.
ISIS කාන්තාවන් විසින් මෙහෙයවන ලද මෙම විකෘති කුමන්ත්‍රණයකට තමන් ගොදුරු වූ බව ප්‍රකාශ කිරීමට පිරිමි ළමයින් දෙදෙනෙකු ඉදිරිපත් වී තිබෙනවා.
13 හැවිරිදි අහ්මෙට් සහ 14 හැවිරිදි හමීඩ් විසින් සිරියානු ආරක්ෂක හමුදා නිලධාරීන්ගේ විමර්ශන හමුවේ සඳහන් කර ඇත්තේ, “අපිට ISIS කාන්තාවන් සමග ලිංගිකව හැසිරීමට බල කෙරෙනවා, ඔවුන් ගැබ් ගැනීමට” යනුවෙන් ඔවුන් සඳහන් කර තිබෙනවා.