Latest News

ප්‍රථම වතාවට ඉතාලි අග්‍රාමාත්‍ය ධුරයට කාන්තාවක්

පසුගියදා පැවැත්වූ ඉතාලි මහ මැතිවරණයෙන්, දක්ෂිණාංශික දේශපාලන සන්ධානයට විශිෂ්ට ජයක් හිමිව තිබෙනවා.

ඒ අනුව එම සන්ධානයට නායකත්වය දුන් “Brothers of Italy” පක්ෂයේ නායිකා 45 හැවිරිදි ජියෝර්ජියා මොලෝනීට ඉතාලි අග්‍රාමාත්‍ය ධුරය හිමි වුණා.

ඉතාලි අග්‍රාමාත්‍ය ධුරයට කාන්තාවක් තේරී පත් වන පළමු අවස්ථාව මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ජියෝර්ජියා මොලෝනීගේ නායකත්වය යටතේ මහ මැතිවරණයට මුහුණ දුන් දක්ෂිණාංශික දේශපාලන සන්ධානය 44% ක ඡන්ද ප්‍රතිශතයක් දිනා ගත් බව ඉතාලි මැතිවරණ කොමිසම නිවේදනය කර තිබෙනවා.

දක්ෂිණාංශික දේශපාලන සන්ධානයට අභියෝගයක් වීමට උත්සාහ ගත් වාමාංශික දේශපාලන සන්ධානයට හිමි කර ගැනීමට හැකි වූයේ 22%ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි.