ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට
අනුරාධපුර – තලාව මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේදී මෝටර් රථයේ වන අලියකු ගැටීමෙන් සිදු වූ අනතුරෙන් බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා කොළඹ ජාතික රෝහලට මාරුකර තිබෙනවා.
එහිදී ඔහු සැත්කමකට භාජනය කිරීමට නියමිත බව රෝහල් ප්‍රකාශිකාවක් සඳහන් කළා.
අනතුරට ලක්වන අවස්ථාවේ ඔහුගේ සොහොයුරෙකු වන සමන් ඇන්තනී සහ තවත් අයෙකු තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් තිබුණා.
මේ වනවිට සමන් ඇන්තනී අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර, අනතුරෙන් තුවාල ලැබූ අනෙක් පුද්ගලයා එම රෝහලේ 11 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.
ගමන් කරමින් සිටි කැබ් රථය වන අලියෙකුගේ ගැටීමෙන් අනුරාධපුර රෝහලට ඇතුළත් කෙරුණු ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී කොළඹ ජාතික රෝහලට මාරුකර තිබෙනවා.
මොවුන් මෙම අනතුරට ලක්ව ඇත්තේ, රූගත කෙරෙමින් පවතින ‘සිංහබාහු’ සිනමාපටය වෙනුවෙන් සිය රංගන කටයුතු සඳහා සහභාගීව පැමිණෙමින් සිටියදියි.