මුදල් විශුද්ධිකරණ නඩුවේ චූදිතයකු ලෙස ජැකලින් ෆර්නැන්ඩස් නම් කෙරේ
ඉන්දීය රුපියල් කෝටි 200ක මුදල් විශුද්ධිකරණය කිරීමේ නඩුවේ චූදිතයකු ලෙස ශ්‍රී ලාංකික බොලිවුඩ් රංගන ශිල්පිනී ජැකලින් ෆර්නැන්ඩස් නම් කර තිබෙනවා.
එම කප්පම් නඩුවේ මුදල් සෙවීමේ විමර්ශනය කරන බලාත්මක අධ්‍යක්ෂ මණ්ඩලය (ED) විසින් දිල්ලි අධිකරණයට ගොනු කරන ලද පරිපූරක චෝදනා පත්‍රයේ ඇය ව ද විත්තිකරුවෙකු ලෙස නම් කර තිබුණා.
ඒ අදාළ චෝදනාව ලැබ සිටින, කොන්මන් සුකේෂ් චන්ද්‍රසේකර් විසින් ජැකලින් ෆර්නැන්ඩස් වෙත ඉන්දීය රුපියල් කෝටි 5.71ක වටිනාකමකින් යුතු විවිධ ත්‍යාග ලබා දී ඇති හේතුවෙන්.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර ද විමර්ශනය කරන බලාත්මක අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඇයගෙන් තමාට අයත් වත්කම් පිළිබඳව ප්‍රශ්න කර තිබුණා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන බලාත්මක අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මීට අදාළ පුද්ගලයින් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සුකේෂ් චන්ද්‍රසේකර් සහ ඔහුගේ බිරිඳ ලීනා මාරියා පෝල් ද ඊට ඇතුළත් වනවා.