Latest News

ජැකලින් අත්අඩංගුවට නොගැනීම පිළිබඳව දිල්ලි අධිකරණයෙන් ප්‍රශ්න කිරීමක්…

සුකේෂ් චන්ද්‍රශේකර්ට එරෙහි ඉන්දීය රුපියල් කෝටි 200 ක මුදල් විශුද්ධිකරණ නඩුවේ චූදිතයෙකු ලෙස නම්කර සිටින ශ්‍රී ලාංකික බොලිවුඩ් රංගන ශිල්පිනී ජැකලින් ෆර්ඩිනෑන්ඩස් මෙතෙක් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් ඊයේ දිල්ලි අධිකරණයේදී එරට වංචා විමර්ශන ආයතනය විසින් ප්‍රශ්න කර තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ, අනෙක් සියලු චූදිතයන් බන්ධනාගාරගතව සිටියදී ඇයට පමණක් තෝරාබේරා ගැනීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ ඇයිද යන්න සම්බන්ධයෙන් එරට නීතිය බලාත්මක කිරීමේ අංශවලින් ප්‍රශ්න කර තිබෙන බවයි.