Latest News

සෙල්ටින් ක්‍රීඩා සමාජයේ වසරේ පාපන්දු ක්‍රීඩිකාව ජසින්තා ගලබඩආරච්චි

ශ්‍රි ලාංකික සම්භවයක් සහිත පාපන්දු ක්‍රීඩිකාවක් වන ජසින්තා ගලබඩආරච්චි ස්කොට්ලන්තයේ සෙල්ටින් ක්‍රීඩා සමාජයේ වසරේ පාපන්දු ක්‍රීඩිකාව සහ වසරේ යොවුන් පාපන්දු ක්‍රීඩිකාවට හිමි සම්මාන ද්විත්වය දිනා ගෙන තිබෙනවා.

ඒ සෙල්ටින් ක්‍රීඩා සමාජයේ වාර්ෂික පාපන්දු සම්මාන රාත්‍රීයේදී යි.

20 හැවිරිදි ජසින්තාගේ පියා ශ්‍රී ලාංකිකයෙකු වන අතර, ඇය උපත ලබා ඇත්තේ ඔස්ට්‍රේලියාවේදී යි.

එමෙන්ම ඇය එංලන්තයේ ප්‍රිමියර් ලීග් කාන්තා පාපන්දු තරගාවලිය නියෝජනය කළ පළමු ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ක්‍රීඩිකාව ද වනවා.