නෙදර්ලන්තයෙන් ජාතික සත්වෝද්‍යානයට ලැබුණ ජගුවර්
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව වෙත නෙදර්ලන්තයේ බෙස්ට් සත්වෝද්‍යානයෙන් පැන්තෙරා වර්ගයට අයත් ජගුවර් පිරිමි සත්වයකු ලැබී තිබෙනවා.
සත්ව හුවමාරු වැඩසහටනක් යටතේ දෙහිවල සත්වෝද්‍යානයට මෙම සත්වයා ලැබී ඇති බවයි වාර්තා වන්නේ.
විදේශීය සත්වොද්‍යානවලින් සතුන් ලබා ගැනීමේ ප්‍රධානතම මාර්ගය සත්ව හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම වන නමුත් 2019 වසරින් පසුව ඇතිවූ කොවිඩ් 19 වසංගත තත්වය සමඟ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර සත්ව හුවමාරු වැඩසටහන් වසර තුනකට ආසන්න කාලයක් නතර වී තිබුණා.
එම වැඩසටහන් නැවතත් අරඹමින් මෙම ජගුවර් සත්වයා ඊයේ (26) දෙහිවල සත්වෝද්‍යානයට ලබාගැනීමට හැකි වී තිබෙනවා.
නෙදර්ලන්තයේ බෙස්ට් සත්වෝද්‍යානයේ පරිත්‍යාගයක් ලෙස ලැබුණු මෙම පිරිමි සත්වයා, නෙදර්ලන්තයේ රෝයල් ආ(ර්)ටිස්ට් සත්වෝද්‍යානයේ සත්ව හුවමාරු වැඩසටහන හරහා 2019 වසරේ දෙහිවල සත්වෝද්‍යානයට ලැබුණු කලු ජගුවර් ගැහැණු සත්වයාගේ සහායකයා ලෙස ලබාගත් බව වාර්තා වනවා.
මේ වන විට ජගුවර් සත්වයා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටින අතර, සුදුසු පරිසර තත්ත්වයට හුරු කළ පසු කලු ජගුවර් සිටින ස්ථානයට යොමු කර ජගුවර් පවුලක් ලෙස ජනතාවට දැක බලාගැනීමට සැලැස්වීමට නියමිතයි.