Latest News

ජානකීට රට යන්න අවසර නැද්ද?

අධික පොලී ලබාදෙන බවට පොරොන්දු වී ව්‍යාපාරිකයන්, දේශපාලකයන් ඇතුළු පිරිසක් රවටා රුපියල් කෝටි සිය ගණනක් වංචා කිරීමට තිළිණි පියුමාලි නමැත්තියට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා එල්ල වී ඇති සමාගමක අධ්‍යක්‍ෂවරියක වන ජානකී සිරිවර්ධන නමැත්තියට විදේශගත වීමට අවසර ලබාදෙන ලෙස කළ ඉල්ලීමක් කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් ඊයේ (25 දා) ප්‍රතික්ෂේප කර තිිබෙනවා.

ඇයට එරෙහිව පවරා තිබූ නඩු තුනක් මෝසම් ඉදිරිපත් කරමින් කැඳවමින් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා සිය සේවාදායිකාවට ඉන්දියාවට ගොස් පැමිණීමට අවසර ලබාදෙන ලෙසත් පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටි අතර එම ඉල්ලීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නිලධාරියා දැඩි විරුද්ධත්වය දක්වා තිබෙනවා.