Latest News

ගායිකා Jane Marczewski පිළිකා රෝගයකින් මියයයි

NBC හි “America’s Got Talent” හි තරඟකාරියක් ලෙස ජනප්‍රිය වූ Nightbirde නමින් හැඳින්වෙන ගායිකාවක් වන Jane Marczewski, පිළිකා රෝගයක් හේතුවෙන් මියගොස්ව තිබෙනවා.

Marczewski වසර හතරක් පිළිකාවට එරෙහිව සටන් කළ අතර පසුගිය 19 වන දින මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය වසරේ “America’s Got Talent” හි අතිවිශිෂ්ට ඉදිරිපත් කිරීමෙන් පසු “It’s OK” නම් මුල් ගීතයක් ඉදිරිපත් කිරීමෙන් බොහෝ දෙනාගේ අවධානයට ලක්වූණා.

ඇයගේ ඉදිරිපත් කිරීම අතරතුර, ඇය පෙනහළු, කොඳු ඇට පෙළ සහ අක්මාව වෙත පැතිරී ගිය පිළිකාවක් සමඟ සටන් කරන බව විනිසුරුවන්ට හෙළි කිරීමත් සමඟ ඇයගේ ධනාත්මක බව සහ අධිෂ්ඨානය නිසා ඇය විනිසුරු සයිමන් කොවෙල්ව විශ්මයට පත් කරනු ලැබුවා.

එහිදී Cowell විසින් Marczewski හට “ගෝල්ඩන් buzzer” එකක් පිරිනැමූ අතර, එය ඇයව මීළඟ තරඟ වටය දක්වා ඉදිරියට ගෙන ගොස් තිබුණා.