JMI සංවිධානයේ සමාජිකයින් තිදෙනා දින හතක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පියවර
ජමාතේ මිල්ලතු ඊබ්‍රාහිමී හෙවත් JMI නමැති තහනම් සංවිධානයේ සමාජිකයින් තිදෙනා දින හතක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට පියවර ගන්නා බව පොලීසිය සඳහන් කරයි.
ඔවුන් අද අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව පොලිසිය සඳහන් කළ අතර එම සැකකරුවන් මොහොමඩ් සහරාන් සමග නුවරඑළිය සහ හම්බන්තොට ප්‍රදේශවල කඳවුරුවලදී පුහුණුව ලබා ඇතැය, මෙතෙක් කළ මූලික විමර්ශනවලදී අනාවරණ වූ බව පොලීසිය සඳහන් කළේය.
අත්අඩංගුවට පත් වී ඇත්තේ මොහොමඩ් මන්සුර් සෙයිෆුල්ලා හක් නොහොත් අබුසහීඩ්, මුස්තාක් අලි අම්හර් නොහොත් අබුහින්ඩ් සහ මෙහොමදු තාහීර් හිදයතුල්ලා නොහොත් අබුතුරාබ් නමැති ගෙලිඔය සහ මාවනැල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් ය.
මෙහොමදු තාහීර් හිදයතුල්ලා ඕලුවිල් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු වන බව පොලීසිය සඳහන් කළේය.
