Latest News

නීතියේ ආධිපත්‍ය තහවුරු කරන ලෙස අමෙරිකානු තානාපතිනියගෙන් පණිවිඩයක්

නීතියේ ආධිපත්‍ය තහවුරු කරන ලෙස ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය අවධාරණය කරනවා.

මෙහිදී ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇය සඳහන් කලේ,සියලු ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියා හෙළා දකින බවයි.

එමෙන්ම දිගු කාලීන ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වය සඳහා කඩිනමින් කටයුතු කරන ලෙස තානාපතිනිය සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටිනවා.

ජූලි චන්ග් විසින් වැඩිදුරටත් අවධාරණය කලේ, වගවීම, විනිවිධභාවය,ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ යහපත් හෙට දවසක් සඳහා වන ජනතා ඉල්ලීම් සාක්ෂාත් කර ගත හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදී සහ ව්‍යවස්ථාමය රාමුව තුළ සාමකාමී බල හුවමාරුවකින් පමණක් බවයි.