Latest News

පාසල් දරුවන්ගේ දිවා ආහාර වේලට අමෙරිකාවෙන් වියළි ආහාර

පාසල් දිවා ආහාර වේලේ පෝෂණීය මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් වියලි ආහාර තොගයක් අමෙරිකානු රජය මගින් ශ්‍රී ලංකාවට ප්‍රදානය කර තිබෙනවා.

පෝෂණ ගුණයෙන් ඉහළ රෝස සැමන් මෙට්‍රික් ටෝන් 890ක් පරිප්පු මෙට්‍රික් ටෝන් 2000ක් එම වියළි ආහාර තොගයට අයත් වනවා.

මෙරට අමෙරිකානු තානාපතිනී ජුලි චන්ග් මහත්මිය විසින් එම වියළි ආහාර තොගය වත්තල පිහිටි “ස්පෙක්ට්‍රා” ගබඩා සංකීර්ණයේ දී නිල වශයෙන් අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වෙත අද (26) භාරදී තිබෙනවා.