Latest News

අමෙරිකානු තානාපතිනිය ජූලි චන්ග් හා අගමැති අතර හමුවක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනිය ජූලි චන්ග් මහත්මිය අතර හමුවක් ඊයේ (28) පැවැත්වුණා.

ඒ, අග්‍රාමාත්‍ය කාර්යාලයේදී යි.

මෙම හමුවේදී මෙරට පවතින ආර්ථික අභියෝග ජයගැනීම සඳහා ලබාදිය හැකි ක්‍රම පිළිබඳව අවධානය යොමුකළ බව ටිවිටර් පණිවිඩයක් නිකුත් කරමින් අමෙරිකානු තානාපතිනිය සඳහන් කර තිබෙනවා.

මේ අතර ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග පවත්වන සාකච්ඡා සහ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම වෙනුවෙන් වූ නියමිත ක්‍රියාවලිය සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර අදහස් හුවමාරුවී තිබෙනවා.

එමෙන්ම, යුක්තිය සහ නීතියේ ආධිපත්‍යයට ප්‍රවේශවීම සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බව අමෙරිකානු තානාපතිනිය වැඩිදුරටත් සඳහන් කළා.