කාන්තාවක් අභිරහස් ලෙස නිවසේදී මියයයි
කළුතර,දොඩංගොඩ ප්‍රදේශයේ නිවසක් තුල කාන්තාවක අභිරහස් අන්දමින් මියගොස් සිටියදී ඊයේ පස්වරුවේ හමු වූ බව දොඩම්ගොඩ පොලීසිය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ දොඩංගොඩ, උඩවත්තගොඩ ලිපිනයේ පදිංචිව සිටී යසබෙලා මෙරායා විජේගුණතිලක නැමැති 54 හැවිරිදි අවිවාහක කාන්තාවක්.
අදාළ කාන්තාව තනිව නිවසේ ජීවත්ව සිට ඇති අතර ඇය දක්නට නොමැති බැවින් සොයා බැලීමේදී නිවසේ කාමරයක් තුළ මියගොස් සිටිනු දැක පොලිසිය දැනුවත් කිරීමෙන් පසු පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
හිසේ කැපුම් තුවාලයක් සහිතව රුධිරය වහනය වී ඇති බැවින් මනුෂ්‍ය ඝාතනයක් බවට සැකකර පරීක්ෂණ සිදුවන අතර කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් විසින් ඊයේ පස්වරුවේ පරීක්ෂණ සිදුකළා.