Latest News

සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපතිනී සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපතිනී කිමාලි ප්‍රනාන්දු වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඇය තම ඉල්ලා අස්වීමේ ලිපිය සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

කිමාලි ප්‍රනාන්දු සිය ඉල්ලා අස්වීමේ ලිපියෙන් කියා සිටියේ, අලුතින් පත් වූ සංචාරක අමාත්‍යවරයාට තමාගේම සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල පත් කිරීමට අවශ්‍ය වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.

සිය ලිපියෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහත්මිය සඳහන් කලේ,

“පසුගිය මාස 30 තුළ මම මේ චරිතය ගෞරවනීය පදනමක් මත භාර ගත්තා. මම පඩි ගත්තෙ නෑ, වාහනයක් ගත්තෙ නෑ, දීමනා ගත්තෙ නෑ, විදේශ සංචාර ගත්තෙත් නෑ, විදේශ නවාතැන් ගත්තෙත් පෞද්ගලිකව මගේ වියදමෙන්. රටක් ලෙස ඉදිරියට යාමට උදව් කලා සේම බදු ගෙවන්නාට මා වෙනුවෙන් කිසිවක් වැය නොකිරීම ගැන මම සෑහීමකට පත්වෙමි. මෙම අත්‍යවශය මොහොතේදී මෙවැනි දේ අනුගමනය කිරීමෙන් අන් අයවද දිරිමත් කිරීමට මෙය හොඳ පුරුද්දක් වනු ඇති බවට මා විශ්වාස කරමි.” යනුවෙනි.