ඉදිරි මාස 12 තුළ ඉන්ධන ආනයනය සීමා වෙයි
විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ඉදිරි මාස 12 තුළ මෙරටට ඉන්ධන ආනයනය කිරීම සිමා කිරමට සිදුවන බව ටිවිටර් පණිවිඩයක් නිකුත් කරමින් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරනවා.
ඒ අනුව දෛනික ඉන්ධන ඉල්ලුම සපුරාලීමට නොහැකි වීම හේතුවෙන් ක්‍රමවේදය හඳුන්වා දීමට පියවර ගත් බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
එමෙන්ම, ඉන්ධන සංචිත ප්‍රමාණවත් ලෙස තිබුණු කාල සීමාවේදී පවා සෑම පිරවුම්හලකටම ඉන්ධන බෙදාහැරීම සිදුකිරීම ප්‍රායෝගිකව සිදුකළ නොහැකි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබුණා.