Latest News

ත්‍රීරෝද රථ අනතුරකින් 11 හැවිරිදි දරුවෙකු මරුට

කටාන, කදිරාන බේස්ලයින් මාර්ගයේදී සිදුවූ රිය අනතුරකින් ත්‍රීරෝද රථයක පිටුපස ගමන් කළ 11 හැවිරිදි දරුවෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (23) පස්වරුවේ කදිරාන හංදිය දෙස සිට කුළුණ හංදිය දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් එක්වරම යූ හැඩයට හැරවීමේදී ත්‍රීරෝද රථය පෙරළී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළා.

අනතුරින් මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ, තිඹිරිගස්කටුව ප්‍රදේශයේ පදිංචි දරුවෙක්.

ත්‍රීරෝද රථ රියදුරුගේ අපරික්ෂාකාරී හා නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.