Latest News

අරගලයට සහභාගී වූ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවගේ පෙත්සම නිෂ්ප්‍රභා කරයි

තමන්ව ශ්‍රී ලංකාවෙන් පිටුවහල් නොකරන ලෙස ඉල්ලමින් බ්‍රිතාන්‍ය ජාතික කෙයිලී ෆ්‍රෙසර් විසින් ගොනු කරන ලද රිට් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභා කිරීමට අභියාචනකරණය නියෝග කර තිබෙනවා.

අරගලයට සහභාගී වීම හේතුවෙන් තමන්ව මෙරටින් පිටුවහල් කිරීමට ආගමන විගමන පාලකවරයා ගත් තීරණය බලරහිත කර ලෙස ඇය මෙම පෙත්සම ගොනුකර තිබුණා.

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා මගින් ඉකුත් (12) වනදා ගොනු කර තිබූ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණේ ආගමන විගමන පාලකවරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක්.

ලබන 2023 මාර්තු 3 වනදා තෙක් තමන්ට ශ්‍රී ලංකාවේ රැඳී සිටිය හැකි ලෙසට වලංගු වීසා අනුමත කර ඇති බවත් එසේ තිබියදී ශ්‍රී ලංකාවේ ආගමන විගමන පාලකවරයා තමන් මෙරටින් පිටුවහල් කිරීම සඳහා තීරණය කර ඇතැයි පෙත්සම්කාරිය සිය පෙත්සමේ සඳහන් කර තිබුණා.