Latest News

අරගලයට සහභාගී වූ කේලී ෆේසර් සොයා පරීක්ෂණ ඇරඹේ

අරගලයට සහභාගී වී වීසා අවලංගු කර සිටින බ්‍රිතාන්‍ය ජාතික තරුණිය වන කේලී ෆේසර් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

එමෙනම, ඇය සොයා ගැනීමට නොහැකි බැවින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව ද ප්‍රකාශ කළා.

එම දෙපාර්තමේන්තුව ඇයට දැනුම් දී තිබුණේ පසුගිය 15 වනදාට පෙර මෙරටින් පිටව යන ලෙසටයි.

කෙසේවෙතත්, තමාව ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ඇය කළ ඉල්ලීම ද අභියාචනාධිකරණය පසුගියදා ප්‍රතික්ෂේප කළා.

ගාලු මුවදොර අරගල භූමියේ සිද්ධීන් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාර කළ බවට මෙම තරුණියට එරෙහිව චෝදනා එල්ල වී තිබුණා.