ඩයනා බ්‍රිතාන්‍යයට ගෙන්වා ගන්නැයි චාල්ස් රජුට ලිපියක්
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය කඩිනමින් බ්‍රිතාන්‍යයට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලමින්, බ්‍රිතාන්‍යය චාල්ස් රජුට ලිපියක් යොමුකර තිබෙනවා.
ඒ, ඇයගේ ද්විත්ව පුරවැසිභාවය සහ මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙස ඉල්ලා අධිකරණයෙහි නඩු පැවරූ ඕෂල හේරත් සහ සමාජ මාධ්‍යජාලා ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩ විසින්.
බ්‍රිතාන්‍යය පුරවැසිභාවයක් සහිත ඩයනා ගමගේ ශ්‍රී ලංකාවේ රැඳී සිටින්නේ නීතිවිරෝධීව බව ඔවුන් සිය ලිපිය මගින් අවධාරණය කර තිබෙනවා.
මේ හේතුවෙන් ඇයව යළි බ්‍රිතාන්‍යයට ගෙන්වා ගන්නා ලෙස ඔවුන් මෙම ලිපිය මගින් චාල්ස් රජුගෙන් ඉල්ලා සිටිනවා.
ඩයනා ගමගේ යනු සංචාරක වීසා මත වසරක කාලයක් ශ්‍රී ලංකාවට ආ අයෙකු බවත්, පසුව ව්‍යාජ හැඳුනුම්පත් සහ ගුවන් ගමන් බලපත්‍ර සාදා මෙරට නීතිවිරෝධීව රැඳී සිටින බවත් මේ ලිපියේ වැඩිදුරටත් සඳහන්.
අදාළ ලිපිය ඔවුන් විසින් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය වෙතා භාර දී තිබෙනවා.