කින්නියා අනතුරේ වගකීම නගර සභාව භාරගත යුතුයි
ත්‍රිකුණාමලය – කින්නියා කලපුවේ කුරින්චාකර්නි ප්‍රදේශයේදී පාලම් පාරුවක් පෙරළී 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධ වගකීම කින්නියා නගර සභාව භාරගත යුතු බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පවසනවා.
මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් කින්නියා නගර සභාවේ සභාපතිවරයා සහ පාරුවේ හිමිකරු ඇතුළු 4 දෙනෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.