Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රීනි කෝකිලාගේ නිවසට හානි කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

පසුගිය මැයි මස 9 වනදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි කෝකිලා හර්ෂණී ගුණවර්ධනගේ ගම්පහ – ලෝලුවාගොඩ පිහිටි නිවසට සහ කාර්යාලයට ඇතුළු වී ගිනි තැබීමේ සිද්ධියට අදාළව සැකකරුවෙකු ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ලෝලුවාගොඩ ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙක්.

අදාළ පුද්ගලයා අද (18) අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.