Latest News

කොටදෙණියාවේදී අතුරුදන් වූ දරුවන් දෙදෙනා

කොටදෙණියාව පොලිස් වසමේ, වත්තේමුල්ල, බාඳුරාගොඩ ප්‍රදේශයේ දී අතුරුදන් වූ දරුවන් දෙදෙනා හමුවී තිබෙනවා.

අද (06) මීරිගම ප්‍රදේශයේ දී මෙම දරුවන් දෙදෙනා හමුවු බව පොලීසිය සඳහන් කළා.

පසුගිය නොවැම්බර් මස 23 වන දා එම දරුවන් දෙදෙනා අතුරුදන් වූ බවට පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණා.

මෙලෙස අතුරුදන්ව සිටියේ, ඥාති සොහොයුරන් දෙදෙනෙකු වන වයස අවුරුදු 10ක් වන දිසානායක මුදියන්සේලාගේ කවීෂ සඳකැළුම් සහ 12 හැවිරිදි ජයසේකර මුදිලිගේ අකිල දේදුණු යන දරුවන් දෙදෙනායි.