කුසල්,දික්වැල්ල සහ ධනුෂ්කගේ තරඟ තහනම ඉවතට
කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පනවා තිබූ ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනම ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව එම ක්‍රීඩකයින්ට වසරක කාලයක් සඳහා පනවා තිබූ ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනම ඉවත් කෙරෙන අතර අවශ්‍ය යෝග්‍යතා ප්‍රමිතීන් සපුරාලීම්වලට යටත්ව ඔවුන්ව එළඹෙන සිම්බාබ්වේ තරග සංචාරය සඳහා එක්කර ගැනීමට ද නියමිත බව වැඩිදුරටත් වාර්තා වනවා.
එංගලන්ත තරග සංචාරයක් අතරතුර “ජෛව බුබුළ” උල්ලංඝනය කරමින් විනය විරෝධී ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් එම ක්‍රීඩකයින් තිදෙනාට එරෙහිව පසුගියදා චෝදනා එල්ල වුණා.
ඔවුන් තිදෙනා පසුගිය ජූනි මාසයේදී එංගලන්තයේ “ඩරම්” නගරයේ, ජෛව බුබුළ” උල්ලංඝනය කරමින් වීථියක සැරිසරන ආකාරය සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර පසුව, ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව එම ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනමක් පැනවනු ලැබුවා.
එහිදී එක් ක්‍රීඩකයෙක් ට රුපියල් මිලියන 10 බැගින් දඩයක්, සියලුම ජාත්‍යන්තර ක්‍රිකට් සඳහා වසරක් තහනමක් සහ දේශීය තරග සඳහා 6 මසක තහනමක් පැනවූ බව එවක වාර්තා විය.
එම වසරක තහනම නිමවීමෙන් අනතුරුව ක්‍රීඩකයින් තිදෙනාටම තවත් වසරක් ජාත්‍යන්තර ක්‍රිකට් තරග සඳහා ක්‍රීඩාකිරීම තහනම් කෙරෙන අතර එම තහනම වසර දෙකක් සඳහා අත්හිටුවනු ලැබෙන බවද වාර්තා වී තිබුණා.