Latest News

ලාමා නිපදවන කොවිඩ් ප්‍රතිදේහ

“ලාමා” සත්වයින්ගේ සිරුරු තුළ කොවිඩ් ප්‍රතිදේහ ස්වභාවිකවම නිපදවන බව පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා.

බෙල්ජියමේ ගෙන්ට්හි ජෛව තාක්ෂණ මධ්‍යස්ථානයේ සිදුකළ පර්යේෂණයකින් එය තහවුරු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

කොවිඩ් 19 වෛරසයේ විවිධ ප්‍රභේද සඳහා ද සාර්ථකව මුහුණදීමට “ලාමා” සත්වයින් තුළ ස්වාභාවිකව නිපදවෙන ප්‍රතිදේහවලට හැකි බව එම පර්යේෂණය මඟින් වැඩිදුරටත් අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව කොවිඩ් මර්දන ක්‍රියාවලියේදී මෙම සොයා ගැනීම ඉදිරි පියවරක් වනු ඇති බව විද්‍යාඥයින් පෙන්වා දෙනවා.

මේ අතර මෙම පර්යේෂණයේ දත්ත යොදාගනිමින් කොවිඩ් මර්දන එන්නතක් නිපදවීමටත් ඒ පිළිබඳ සායනික අත්හදා බැලීම් ආරම්භ කිරීමටත් පර්යේෂකයින් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.