Latest News

පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ජිවිතක්ෂයට

මහනුවර – වත්තේගම මඩවල ප්‍රදේශයේ නිවසක් පිටුපස පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිද්ධියෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා මහනුවර රෝහලට ඇතුලත් කර ඇත.

අදාළ නිවස පිටුපස ඉදිකිරීම් කටයුත්තක් සඳහා බේස් වළක් කපමින් සිටින විට ඒ ආසන්නයේ තිබූ අඩි 12ක් පමණ උසැති පස් කන්දක් එම ස්ථානයේ සිටි සේවකයින් සිව්දෙනෙකු මතට කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.