Latest News

ලැප්ටොප් චාජරයක් පිපිරි 14 හැවිරිදි සිසුවෙක් මරුට

ලැප්ටොප් පරිගණකයක් භාවිත කරමින් සිටි වයස අවුරුදු 14ක දරුවෙක් එහි චාජරය පුපුරා යාම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අම්බලංගොඩ කොබෙයිතුඩුව ප්‍රදේශයේ පදිංචි සෙනෙත් ඉඳුරුව නමැති පාසල් සිසුවෙක්.

අදාළ සිසුවා ඊයේ (16) පස්වරුවේ ලැප්ටොප් පරිගණකය උකුළ මත තබාගෙන එය විදුලියට සම්බන්ධ කර භාවිත කර තිබෙනවා.

එම අවස්ථාවේදී එහි චාජරය පුපුරා ගොස් ඇති අතර තුවාල ලැබූ සිසුවා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරු මියගොස් ඇති බව වාර්තා වනවා.