භාරතයේ ගීත කෝකිලාවිය දිවි ගමනට සමු දෙයි
ඉන්දීය ගීත කෝකිලාව ලෙස හැඳින්වෙන ප්‍රවීණ ගායන ශිල්පිනි මංගේෂ්කාර් අද අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිය යන විට ඇයගේ වයස අවුරුදු 92ක්.
මංගේෂ්කාර් මහත්මිය කොවිඩ් – 19 රෝගය වැළඳී රෝහල් ප්‍රතිකාර ලබමින් සිටියා.
සති දෙකකට ආසන්න කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ ඇය, ඊයේ (05) පස්වරුවේ දැඩි සත්කාර ඒකකයේ සිටියදී ම තත්ත්වය බරපතළ වී ඇති බවට ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
බොලිවුඩ් සිනමාවේ වැඩිම ගීත ප්‍රමාණයක් ගායනා කර ඇති ලතා මංගේෂ්කාර්, ගායන කළ ගීත සංඛ්‍යාව 30,000කට අධිකයි.
එම ගීත ද ඇය ගායනා කර ඇත්තේ, විවිධ භාෂාවලින් වීම ද සුවිශේෂීයි.
Mohabbatein, Veer-Zaara, Kranti,Woh Jo Hasina ආදී අතිශය ජනප්‍රිය සහ සම්මානවලට පාත්‍ර වූ චිත්‍රපට ගණනාවකට සිය ගායනයෙන් දායකත්වය සැපයූ ඇය ඉන්දීය කලා ලොවෙහි විරුදාවලිය ලැබුවේ ‘ඉන්දියාවේ නයිටිංගේල්’ යනුවෙන් .
ලතා මංගේෂ්කාර් ගායන ජීවිතයට පිවිසෙන්නේ වයස අවුරුදු 13 දී යි.
1942 වසරේ දී ඇයගේ පළමු ගීතය පටිගත වනවා.