Latest News

ඉන්ධන ලීටරයක් රුපියල් 250කට ලබාදිය හැකි බවට අනාවරණයක්

ඉන්ධන ලීටරයක් රුපියල් 250ක පමණ මුදලට ජනතාව වෙත ලබාදීමට හැකියාවක් පවතින බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක යළි කෝප් කමිටුව හමුවේ අවධාරණය කළා.

ජනක රත්නයක් මහතා පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙම අදහසම ප්‍රකාශ කළ අතර ඒ පිළිබඳ කටයුතු විමසීමට හා කොමිසන් සභාවේ කටයුතු විමසීමට ඔහු ඇතුළු නිලධාරින් පිරිසක් ඊයේ (06) කෝප් කමිටුව හමුවට කැඳවා තිබුණා.

ඉන්ධන මිල පිළිබඳව අමාත්‍ය මහින්ද අමරවීර කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහජන උපයෝගිතා කොමිසමේ සාමාජික මොහාන් සමරනායක මහජන උපයෝගිතා කොමිසමේ නියෝජ්‍ය සභාපති උදේනි වික්‍රමසිංහ කෝප් කමිටු සාමාජික ජයන්ත සමරවික්‍රම අදහස් දක්වා තිබුණා.