ලිට්‍රෝ ගෑස් වෙළෙඳපොළට නිකුත් කිරීම අත්හිටුවයි
ලිට්‍රෝ ගෑස් සමාගම LP ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
ගෑස් ප්‍රමිතිය සම්බන්ධයෙන් පැහැදිලි සහතිකයක් ලැබෙනතුරු මෙම තීරණය ක්‍රියාත්මක බව එම සමාගම පවසනවා.
ගෘහස්ථ ගෑස් බෙදාහැරීම සහ අලෙවිය අත්හිටුවීමට නියෝග කළේ එල්.පී. ගෑස් හඳුනාගැනීමේ ගන්ධයක් ඇති කරන රසායනිකය ප්‍රමාණවත් ලෙස නොතිබීම නිසා බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ එතිල් මර්කැප්ටන් නැමති එම රසායනිකය ඒකක 14 ක් ගෑස් සිලින්ඩරයක අඩංගු විය යුතු වුවත් දැනට පවතින්නේ ඒකක 5ක් පමණක් බවයි.
පසුගිය දිනවල ගෑස් ආශ්‍රිත සිදුවීම් රැසක් දිවයිනේ ප්‍රදේශ රැසකින් වාර්තා වුණා.
එහිදී පාරිභෝගිකයන්ගෙන් එල්ලවූ චෝදනාවක් වූයේ ගෑස් කාන්දු වන බව හඳුනාගැනීමේ ගන්ධයක් එයින් නිකුත් නොවූ බවයි.