ණය ගෙවා ගැනීමට නොහැකි වීමෙන් පුංචි පුතෙකුට දිවි අහිමි වෙයි
සිය මව විසින් තම පුතුට සහ දියණියට වස පානය කිරීමට සැලැස්වීමෙන් අනතුරුව රෝහල්ගත කර සිටි පුතු ජීවිතක්ෂයට පත්ව ඇතැයි නාල්ල පොලීසිය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ, ලෝලුවාගොඩ, තලහේන ප්‍රදේශයේ පදිංචිව සිටි පස් හැවිරිදි ඒ.ඒ. පේෂාන් සචින්ත නැමැති දරුවෙක්.
මෙහිදී නාල්ල පොලිසිය සඳහන් කලේ, දරුවන් දෙදෙනාට වස පානය කිරීමට දී මව ද වස පානය කර ඇති බවයි.
මේ වනවිට මව අසාධ්‍ය තත්ත්වයෙන් වතුපිටිවල රෝහලේ ප්‍රතිකාර ලබන අතර 8 හැවිරිදි දියණිය ද අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.
වස පානය කළ අදාළ කාන්තාවගේ ඥාතීන් සඳහන් කර ඇත්තේ මෙම කාන්තාව බොහෝ ණය වී සිටි අයෙක් බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් නාල්ල පොලීසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.