ලොරි රථයක පසුපස කොටස කඩා වැටීමෙන් පාසල් ළමුන් 13ක් තුවාල ලබයි
ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ ලොරි රථයකින් පාසල වෙත ගමන් කරමින් සිටි පාසල් සිසුන් 13 දෙනෙකු ලොරි රථයේ පසුපස කොටස කඩා වැටීමෙන් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
ප්‍රවාහන පහසුකම් නොමැතිවීම හේතුවෙන් ලොරි රථයකින් පාසල වෙත ගමන් කරමින් සිටියදී එම දරුවන් පිරිස මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ.
එම අවස්ථාවේදී සිසුන් 37 දෙනෙකු ලොරි රථයේ ගමන් කර ඇති අතර ඉන් 13 දෙනෙකු තුවාල ලබා තිබුණා.
මෙහිදී ප්‍රදේශවාසීන් විසින් තුවාල ලැබූ සිසු සිසුවියන් ගලෙන්බිඳුණුවැව රෝහලට ඇතුළත් කර තිබෙනවා.
එහිදී සිසුන් තිදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇති අතර එක් සිසුවෙකුගේ පාදයට අනතුරින් දැඩිව හානි සිදුව ඇති බව වාර්තා වනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ගලෙන්බිදුණුවැව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.