News

LTTE කදවුරක් තිබූ තැනක් යට නිදන් හාරලා

LTTE කදවුරක් තිබූ තැනක් යට නිදන් හාරලා

කිලිනොච්චිය වට්ටකච්චිලමයානූර් ප්‍රදේශයේ කැළෑවක යුධ සමයේ එල්.ටි.ටි.යි කඳවුරක් පැවති ස්ථානයක නිධන් හෑරීමක් සිදුකළ පුද්ගලයින් පස් දෙනෙකු ඊයේ (30) ධර්මපුරම් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එල්.ටි.ටි.යි සංවිධානය වළ දමා ඇති බවට සැක කරන රත්රන් සෙවීම සිදුකළ පුද්ගලයින් පස් දෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

පොළොව අභ්‍යන්තරයේ ඝන ද්‍රව්‍ය සෙවීමට භාවිතා කරන නවීන ස්කෑනර් යන්ත්‍රයක්, පූජා භාණ්ඩ, කැනීම් උපකරණ හා ජංගම දුරකථන හයක්ද සැකකරුවන් සතුව තිබී පොලිසිය සිය බාරයට ගෙන තිබේ.

මෙම සැකකරුවන් මැදිරිගිරිය, කොළඹ, කිරුළපන, හම්බන්තොට ප්‍රදේශයන්හි පදිංචි පුද්ගලයින් බව පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද(31) කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ධර්මපුරම් පොලිසිය පවත්වනු ලබයි.