Latest News

යුවලක් මහවැලියට පනියි – තරුණයා ගොඩ පීනා බේරෙයි

මහියංගනය පාලම මතින් පිරිමි පුද්ගලයෙකු සහ තරුණියක් මහවැලි ගඟට පැන තිබෙනවා.

කෙසේ වෙතත් ගඟට පැන ඇති පිරිමි පුද්ගලයා පිහිනා ගොඩට පැමිණ ඇති අතර පසුව ඔහු ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර ඇත.

මේ අතර අතුරුදන් වූ තරුණිය සොයා මහියංගනය පොලිසියේ නිලධාරීන් පැමිණ විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙලෙස අතුරුදන් ව ඇත්තේ රිදීමාලියද්ද ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණියක් බව පොලිසිය පවසනවා.

අදාළ තරුණිය උපකාරක පන්තියකට සහභාගී වන බව පවසා ඊයේ (16) උදෑසන නිවසින් පැමිණ ඇත.

සිද්ධිය ඇසින් දුටු පුද්ගලයෙකු පැවසුවේ තරුණිය ගඟට පැන්න බවත් ඒ එක්කම පිරිමි පුද්ගලයා ද ගඟට පැන්න බවයි.