ගෙදර කිසි වැඩක් තනියම කරන්න දුන්නේ නෑ.. ගේ අතුගාල දුන්නෙත් මහත්තයා
“ජීවතුන් අතර ඉන්නකොට මහත්තයා නිතරම පුතාට කිව්වෙ කොහොම හරි දොස්තර කෙනෙක් වෙන්න කියලා… ඒත් දැන් නම් ඉගෙනීම ඉවර කරාට පස්සෙ පුතා දොස්තර හීනේ පැත්තක දාලා මහත්තයාගෙ අඩුව පිරිමහන්න දේශපාලනයට එයි කියලා මට හිතෙනවා.”
පසුගිය මැයි නවවනදා අවාසනාවන්ත ලෙස ඝාතනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ මහතාගේ දයාබර බිරිඳ මාලනී අතුකෝරාළ ‘ධරණී’සමඟ කතාබහට මුලපිරුවේ එහෙමය. මේ ඇය සමඟ අප කළ සංවාදයේ සටහනයි.
*අමරකීර්ති අතුකෝරාළ මහත්තයා හොඳ දේශපාලනඥයෙක් කියලා අපි අහලා තියෙනවා. ඒ වගේම ඔහු ඔබට හොඳ සැමියෙක් වුණාද?
ඇත්තටම ඒ ගැන කියන්න නම් මට වචන මදි. මගේ මහත්තයාට මගෙනුයි පුතාගෙනුයි එහා ලෝකයක් තිබුණේ නෑ. මටයි පුතාටයි එයාගේ අතින් වෙන්න ඕන යුතුකම්වලට මෙහෙමයි කියලා අඩුවක් නොතියපු කෙනෙක් එයා. අපි ඉල්ලන්නත්, කියන්නත් කලින් එයාම ඒ දේවල් හොයලා බලලා කරලා දුන්නා. ඒ විතරක් නෙවෙයි එයා ගෙදර ඉන්න වෙලාවට මම තනියෙන් ගෙදර වැඩ කරනකන් කවදාවත් බලන් ඉඳලා නෑ. මම කුස්සියේ වැඩ නම් අඩුම තරමේ එයා කොස්ස අරන් ගේ හරි අතුගාලා දෙනවා. මගේ ළඟට ඇවිත් අහනවා මොනවද කරලා දෙන්න ඕනේ කියලා. ඉතින් මට නැති වුණේ එහෙම මහත්තයෙක්. මම මැරෙනකම්ම එයා නැති දුක නම් මගේ හිතින් නැතිවෙන එකක් නෑ.
*කොහොමද ඔබ දෙදෙනා මුණගැහුණේ? ඒ අතීතය මතක් කරොත්?
ඇත්තටම අපි දෙන්නා දැන අඳුනගත්තේ විවාහ යෝජනාවකින්. ඒ කාලේ මගේ අයියයි මහත්තයයි හොඳ යාළුවෝ. ඉතින් ඒ යාළුකම නෑකමකට පෙරලගන්න තිබුණ ආසාව නිසාම මගේ අයියා, මහත්තයට මං ගැන කියලා තිබුණා. අන්තිමට ඒ විදිහට දැන අඳුනගත්ත අපි 2000දී විවාහ වුණා.
ඔහු කොහොමද ඔබට ආදරේට කතා කරේ?
අනේ මගේ මහත්තයා කොයිවෙලාවෙත් මට කතා කරේ ‘අම්මා’ කියලා. කොහේ, කොතැන, කවුරු ළඟ හිටියත් ඒකේ වෙනසක් වුණේ නෑ. මට තාමත් මේ ගේ ඇතුළේ ඇහෙන්නේ මහත්තයා මට අම්මා කියලා කතා කරන හඬ.
*දේශපාලනය කරන අතරතුරේ පවුල එක්ක ඉන්න ඔහුට වෙලාවක් තිබුණද?
අපෝ ඕනතරම් තිබුණා. එයා පවුලට තිබුණ ආදරේ නිසාම කොහොම හරි ඒ වෙලාව හදාගත්තා. පාර්ලිමේන්තු දවසට වුණත් ඒ වැඩකටයුතු ඉවර කරපු ගමන් වෙන කොහෙවත් නොයා එයා ගෙදර තමයි එන්නෙ.
*ඔහුගේ ප්‍රියතම කෑමබීම, විනෝදාංශ මොනවද?
ඇත්තටම එයා වැඩිපුරම ආසා කරේ මගේ අතින් ගෙදර හදන කෑමබීම කන්න, බොන්න. ගොඩක් වෙලාවට මට කියනවා ‘අම්මා ගමේ විදිහට කොස් ටිකක්, පොලොස් මාලුවක් එහෙම හදලා දෙන්නකො’ කියලා. හවසට තේ ටිකක් බොනකොට කන්න මම කඩෙන් රෝල්ස් එකක්, පැටිස් එකක් ගේන්න හැදුවත් එයා ආසා ඒක මම ගෙදරම හදනවට. පාර්ලිමේන්තු ගිහාමත් ගොඩක් දවස්වලට දවල්ට එහෙන් නොකා ගෙදර ඇවිල්ලාමයි බත් කන්නේ. එයාට තිබුණ එකම විනෝදාංශෙ ඉඩක් තියෙන හැමවෙලාවකම ටීවී එකේ දේශාපාලන වැඩසටහන් බලන එක.
*ඔහු එදා අන්තිමටම ගෙදරින් ගියේ මොනවා කියලාද?
වෙනදා විදිහටම ‘අම්මා මං ගිහින් ඉක්මනට එන්නම්’ කිව්වා ඇරෙන්න එහෙම විශේෂ මොකුත් කියලා ගියේ නෑ.
*එදා උදේ ඉඳලා රටේ තිබුණ තත්ත්වයත් එක්ක ඒ වෙලාවෙ එළියට බහින එක අවදානම් කියලා ඔහුට නිකමටවත් හිතිලා තිබුණෙ නැද්ද? ඔබවත් කිව්වෙ නැද්ද?
එදා උදේ එහෙම කිසිම කලබලයක් තිබුණේ නෑ. ඒක නිසයි මහත්තයා අරලියගහ මන්දිරේට ගිහින් එන්න ගියේ. නිකමටවත් ඒ විදිහේ කලබලයක් ඇති වෙන්න තියෙන විත්තියක්වත් දැනගෙන හිටියා නම් මං එයාට ගෙදරින් එළියට බහින්න දෙන්නෙ නෑ.
*ඒ ගියාට පස්සෙ ඔබට දුරකතන ඇමතුමක්වත් දුන්නේ නැද්ද?
නෑ. කවදත් මහත්තයා ගෙදරින් එළියට ගිහාම මම එයාටවත්, එයා මටවත් සැරින් සැරේට ෆෝන් කෝල් දීගන්නෙ නෑ. කතා නොකරම බැරි දේකට විතරයි අපි කතා කරේ.
*මුලින්ම ඔබට මේ සිද්ධිය ගැන ආරංචි වුණේ කොහොමද? මාධ්‍ය මගින්ද? එහෙම නැත්තම් වෙන කාගේ හරි මාර්ගෙන්ද?
මුලින්ම මට හිතවත් අය දෙතුන් දෙනෙක් තමයි මේ ගැන කිව්වෙ. පස්සෙ මම ඉක්මනට ටීවී එක දාලා බලනකොට කතාව ඇත්ත. ඒත් එක්කම මම මහත්තයට කෝල් කළා. ඒත් එයා කෝල් එකට කතා කරේ නෑ. ඊටපස්සෙ මං එයාගේ රියදුරු මහත්තයට කෝල් කළහම එයා කිව්වා එයාලා නිට්ටඹුවේ ප්‍රසිද්ධ නිමිඇඳුම් ප්‍රදර්ශනාගරයක් ළඟ ආරක්ෂාකාරීව ඉන්නවා කියලා. ඇත්තටම මම හීනෙකින්වත් හිතුවෙ නෑ මගේ මහත්තයා පෙට්ටියෙන් ගෙදර එයි කියලා. මම හිතුවෙම මහත්තයා කොහෙට හරි වෙලා ඉඳලා කරදරයක් නැතුව ආපහු ගෙදර එයි කියලා.
*ඔබට ඒ වෙලාවෙ මොකද හිතුණේ?
මොනවා හිතෙන්නද ඉතින්… මට මොනවා වුණාද කියලා මට තාමත් හිතාගන්න බෑ. මහත්තයට නිට්ටඹුවෙදි සිද්ධ වුණ හැමදෙයක්ම සී.සී.ටී.වී.වල තිබුණලු. ඒත් මං එදා ඉඳන් තව වෙනතුරුත් ඒවා බැලුවෙ නෑ. මට ඒවා බලන්න තරම් හිතට හයියක් නෑ. වෙන එකක් තියා මං එදා ඉඳන් අද වෙනකන් ටීවී එකවත් බලලා නෑ මට මට මහත්තයාව මතක් වෙන නිසා.
*පවුලේ තව කවුද ඉන්නේ?
අපිට දරුවොන්ට කියලා ඉන්නෙ පුතා විතරයි. මහත්තයයි, මමයි, පුතයි තුන්දෙනා තමයි හිටියේ. දැන් ඉතින් පුතයි, මමයි විතරයි.
*ඔහු වෙනුවට පවුලෙන් වෙන කවුරුහරි දේශපාලනයට එන්නෙ නැද්ද?
වෙන කෙනෙක් මට නෑනේ. තාත්තගේ පාරේ යන්න ඉන්නවා නම් ඉතින් ඒ පුතා තමයි. ඒත් ඉතින් පුතා තාම එයාගේ ඉගෙනීම් කටයුතු කරන ගමන් ඉන්නෙ. මහත්තයාට නම් තිබුණ ලොකුම හීනේ පුතාව දොස්තර කෙනෙක් කරන එක. හැබැයි දැන් පුතා දේශපාලනයට එන්න කැමත්තෙන් ඉන්නවා කියල වගේ මට තේරෙනවා. ඒ මොනවා වුණත් පුතාට කැමති විදිහට කරන්න මම ඉඩ දෙනවා.
*ඔහුව ඝාතනය කරපු පිරිස් මේ වෙනකොට අත්අඩංගුවට අරන් නැද්ද?
ඒ හැමකෙනෙක්ම මේ වෙනකොට අත්අඩංගුවට අරන් ඉන්නෙ.
*ඔබ හිතන්නේ ඒ අයට මොන වගේ දඬුවමක් දෙන්න ඕන කියලද?
මෙහෙමයි. මේ විදිහේ මිනිස්සු නිසා අද මට වුණා වගේ හෙට තවත් ගැහැනියෙකුට තමන්ගෙ ස්වාමියා නැතිවෙන්න පුළුවන්. මගේ පුතාට වගේ හෙට තවත් දරුවෙකුට තමන්ගේ තාත්තා නැතිවෙන්න පුළුවන්. අන්න ඒ නිසා මම කියන්නේ අද මටයි, පුතාටයි වුණ දේ හෙට තවත් කෙනෙකුට නොවෙන්න මේ ඝාතනයට වගකිවයුතු පිරිසට නීතියෙන් දෙන්න පුළුවන් උපරිම දඬුවම දෙන්න කියලා.
*ජනාධිපතිතුමා ඔබට කතා කළේ නැද්ද?
මේ සිදුවීම දැනගත්ත ගමන් එතුමා මට කතා කරලා එතුමාගේ කණගාටුව ප්‍රකාශ කළා.
*පක්ෂ නායකයෝ මොනවද ඔබත් එක්ක මේ ගැන කතා කළේ?
ඒ අය වැඩිපුරම කතා කළේ පුතා ගැන තමයි. මොකද මහත්තයට පුතා ගැන තිබුණ හීන, බලාපොරොත්තු ගැන ඒ අය දන්නවනේ. ඒක නිසා මහත්තයා නැති වුණත් පුතාට ඒ බලාපොරොත්තු ඉශ්ට කරගන්නකන් එයගේ පිටිපස්සෙන්ම ඉන්නවා කියලා තමයි එයාලා කිව්වෙ.
*ඡන්ද දායකයෝ මොනවද කියන්නෙ?
ඇත්තටම ම“ජීවතුන් අතර ඉන්නකොට මහත්තයා නිතරම පුතාට කිව්වෙ කොහොම හරි දොස්තර කෙනෙක් වෙන්න කියලා… ඒත් දැන් නම් ඉගෙනීම ඉවර කරාට පස්සෙ පුතා දොස්තර හීනේ පැත්තක දාලා මහත්තයාගෙ අඩුව පිරිමහන්න දේශපාලනයට එයි කියලා මට හිතෙනවා.”

ඇත්තටම මහත්තයට කවදාවත් දේශපාලනය නිසා හතුරෝ හිටියේ නෑ. ගමේ මිනිස්සුත් පක්ෂ පාට, ලොකු කුඩා බේදයක් නැතුව එයාට ආදරේ කළා. ඒ නිසා එයාට වුණ දේ ගැන හැමෝම අදටත් දුක් වෙනවා. ඒ වෙලාවෙ රටේ තිබුණ තත්ත්වෙත් එක්ක ආව නාව හැමෝම මහත්තයාට වුණ දේ ගැන පුදුම විදිහට කම්පා වුණා. අදටත් එහෙමයි.
*මේ වුණ දේත් එක්ක මහත්තයා දේශපාලන නොකරානම් හොඳයි කියලා හිතෙන්නෙ නැද්ද?
මොකෝ නැත්තේ… අනේ මට සිය දහස් වාරයක් එහෙම හිතෙනවා. එහෙම වුණා නම් අදටත් මගේ මහත්තයා ජීවතුන් අතර නේද කියලා හිතලා සිය දහස් වාරයක් මම හිත යටින් අඬනවා. ඒ මොහොතේ එයාට මොනවා හිතෙන්න ඇද්ද කියලා හිතෙනකොට මගෙ ඇස් දෙකට කඳුළු පිරෙනවා.
*අවසාන වශයෙන් ඔබට මොනවද කියන්න තියෙන්නේ?
කලින් කිව්වා වගේම මට කියන්න තියෙන එකම දේත්, මං බලාපොරොත්තු වෙන එකම දේත් මගේ මහත්තයට වුණ දේට සාධාරණයක් ඉශ්ට වෙන්න ඕන කියලා විතරයි. මං නීතියෙන් ඉල්ලන්නෙත්, නිලධාරීන්, බලධාරීන්ගෙන් ඉල්ලන්නෙත් එච්චරයි.
ලිහිණි මධුෂිකා
හත්තයට කවදාවත් දේශපාලනය නිසා හතුරෝ හිටියේ නෑ. ගමේ මිනිස්සුත් පක්ෂ පාට, ලොකු කුඩා බේදයක් නැතුව එයාට ආදරේ කළා. ඒ නිසා එයාට වුණ දේ ගැන හැමෝම අදටත් දුක් වෙනවා. ඒ වෙලාවෙ රටේ තිබුණ තත්ත්වෙත් එක්ක ආව නාව හැමෝම මහත්තයාට වුණ දේ ගැන පුදුම විදිහට කම්පා වුණා. අදටත් එහෙමයි.