Latest News

අරගලය ගැන මහින්ද දේශප්‍රිය කියූ ආන්දෝලනාත්මක කතාව

මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් වෙත බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

මෙහිදී සටහනක් තබමින් ඒ මහතා සඳහන් කලේ, ප්‍රචණ්ඩත්වය හා ප්‍රති අභියෝග කරන එමෙන්ම උද්ධච්ච ලෙස කතා කරන සියල්ලන්ම පරාජය කර හැක්කේ අවිහිංසාවෙන් හා ප්‍රේමයෙන් බවයි.

“මේ අප්‍රේල් මාසයයි. අප්‍රේල් යනු කුප්‍රකට 83 කළු ජූලිය මෙන්ම 1971 හා 2019 දී ලේ හා කඳුළු ගලාගිය ගින්දරින් හා වෙඩි දුමාරයෙන් පිරුණු මාසයකි,
වීදියේ අරගල කරුවනි, මේ අප්රේල් මාසයද ප්‍රචණ්ඩත්වය තුළින් එසේ කිරීමට උත්සාහ කරන හා ප්‍රති අභියෝග කරන එමෙන්ම උද්ධච්ච ලෙස කතා කරන සියල්ලන්ම පරාජය කර හැක්කේ අවිහිංසාවෙන් හා ප්‍රේමයෙනි. අ⁣පේ සහෝදර ගාමිණී ඒකනායකගේ පෝස්ටුවක තිබූ වැකියක් පහත අලවමි
“මේ අර්බුදයෙන් ගැලවීමට ජන අරගලයට හිසක් හා මේ පාර්ලිමේන්තුවට හදවතක් අවශ්‍යවේ.”