මාසා අමීනිගේ සිදුවීමත් සමග ඇති වූ විරෝධතාවෙන් පුද්ගලයින් 400ක් අත්අඩංගුවට
ඉරානයේ විරෝධතාකරුවන් 400 දෙනෙකුට එරට රජය විසින් සිර දඬුවම් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අදාළ විරෝධතා අතරදී අත්අඩංගුවට පත් පුද්ගලයින් 400 දෙනෙකුට විවිධ චෝදනා යටතේ මෙලෙස අවුරුදු දෙකක සිට දහයක් දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා.
හිස ආවරණය කර නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට පත්වූ මාසා අමීනි පසුගිය සැප්තැම්බර් මාසයේදී පොලිස් අත්අඩංගුවේදී මිය ගොස් තිබුණා.
එම සිදුවීමත් සමග ඉරානයේ ඇරඹි විරෝධතා, පසුව රට පුරා ව්‍යාප්තවී තිබෙනවා.
මෙහිදී විදෙස් මාධ්‍ය වාර්තා කලේ, පුද්ගලයින් 300ක් පමණ විරෝධතා හේතුවෙන් මේ වන විට මිය ගොස් ඇති බවයි.
ඉරාන රජය පසුගියදා විරෝධතාකරුවන් දෙදෙනෙකුට මරණ දඬුවමද ක්‍රියාත්මක කර තිබුණා.