Latest News

වසර 10කට පසු මලාලා පාකිස්ථානයට

නොබෙල් සාමත්‍යාගලාභී මලාලා යූසුෆ්සායි වසර 10කට පසු තම උපන් රට වන පාකිස්ථානයට පැමිණ තිබෙනවා.

ඒ, තලේබාන් සංවිධානය විසින් ඇය ඝාතනය කිරීමට දැරූ උත්සාහයෙන් අනතුරුවයි.

පසුගියදා ගං වතුරෙන් හානියට පත්වූ එරට වැසියන්ට සහන සැළසීම සඳහා ජාත්‍යන්තර අවධානය ලබාගැනීම ඇයගේ සංචාරයේ අරමුණ වී තිබෙනවා.

මලාලාට වයස අවුරුදු 15 දී තලේබාන් ත්‍රස්තවාදීන් හිසට වෙඩි ප්‍රහාරයක් එල්ල කලේ පාකිස්ථානයේ ගැහැණු දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඇය ගෙනගිය වැඩපිළිවෙලට විරෝධය පළ කරමින්.

අනතුරුව ඇය ප්‍රතිකාර ලබාගැනීම සඳහා බ්‍රිතාන්‍යට පැමිණියා.