දරුවන් 21,000ට ළමා මන්දපෝෂණය
දැනට කළ සමීක්ෂණවලට අනුව ළමා මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 21,000ක් මෙරටින් හඳුනාගෙන තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඊයේ (29) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළා.
එම තත්ත්වය 40,000 දක්වා වැඩි වනු ඇතැයි අපේක්ෂා කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කලේ.
එමෙන්ම ඊට කඩිනම් විසඳුම් මේ වන විටත් සැලැසුම් කර ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.