Latest News

ජනප්‍රිය නිළි මංජුලා පවත්වාගෙන ගිය පතලකින් සොයාගත් නිල් මැණිකක් සොරා ගැනෙයි

ජනප්‍රිය නිළි මංජුලා කුමාරි සහ ලග්ගල ප්‍රදේශයේ කාන්තාවක් හවුලේ පවත්වාගෙන ගිය පතලකින් හමුවූ නිල් මැණිකක් වංචනික ලෙස රැගෙන යාමට උත්සහ කළ පුද්ගලයෙකු ලග්ගල පොලිසිය විසින් පසුගිය 22 වනදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වාරියපොළ, මිනුවන්ගැටේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අදාළ පුද්ගලයා ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු ලෙස ව්‍යාජව පෙනී සිට ඇති බව වාර්තා වනවා.

සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී වංචා කළ බව කියන නිල් මැණික සහ සුඛෝපභෝගී මෝටර් රථයක් පොලිස් භාරයට ගෙන තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ, ඔහු ටෙලිනාට්‍ය කිහිපයකට සහය නළුවෙකු ලෙස රංගනයෙන් දායක වූ
අයෙක් බවයි.

ජනප්‍රිය නිළි මංජුලා කුමාරි පතල් කැණීමට ලග්ගල ප්‍රදේශයේ කාන්තාවක් සමග ගිවිසුම් අත්සන් කර තිබුණු අතර එහිදී නිළියගේ නියෝජිතයා ලෙස මෙම සැකකරු යොදවාගෙන තිබෙනවා.

පසුව ඔහු වවුනියාව භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු ලෙස ව්‍යාජව පෙනී සිටිමින් වංචනික ලෙස හැසිරී ඇති බව වාර්තා වනවා.

කෙසේවෙතත් පතල පවත්වාගෙන ගිය අනෙක් කාන්තාව පොලිසියට පවසා ඇත්තේ, සැකකරු වංචනික ලෙස නිල් මැණික රැගෙන යාමට උත්සහ කළ බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (23) නා උල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව වාර්තා වනවා.