Latest News

මොන්රෝගේ සිතුවමට ඩොලර් මිලියන 195ක මිලක්…

ඇන්ඩි වෝර්හෝල් විසින් නිර්මාණය කරන ලද මර්ලින් මොන්රෝගේ චිත්‍රයක් ඩොලර් මිලියන 195 කට (පවුම් මිලියන 158.17) වෙන්දේසි කර තිබෙනවා. එය 20 වැනි සියවසේ මෙතෙක් ඉහළම මිලට අලෙවි වූ චිත්‍රය වේ.

ෂොට් සේජ් බ්ලූ මර්ලින් නම් සිතුවම 1964 දී වෝහෝල් විසින් අඳින ලද්දේ ප්‍රසිද්ධ ඡායාරූපයක් ආශ්‍රයෙන්ය.

එම මුදල ඇමරිකානු කලා කෘතියක් සඳහා මෙතෙක් ගෙවා ඇති ඉහළම මුදල ද වනවා.

වෙන්දේසිය අවසන් වූයේ ඩොලර් මිලියන 170 ක විකුණුම් මිලකින් වන අතර එය බදු සහ ගාස්තු සැලකිල්ලට ගනිමින් ඩොලර් මිලියන 195 දක්වා ඉහළ යනු ලැබුණි.