මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කෙරේ – විවාහ වීමේ අවම වයස 18
මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනයට යෝජනා ගෙන ඒම සඳහා වූ උපදේශක කමිටු වාර්තාව මගින් බහු විවාහය අහෝසි කිරීම සහ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම විවාහ වීමේ අවම වයස අවුරුදු 18 දක්වා ඉහළ නැංවීම ඇතුළු වැදගත් ප්‍රතිසංස්කරණ කිහිපයක් නිර්දේශ කර තිබෙනවා.
ඒ අනුව අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුව ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම අවම විවාහ වයස අවුරුදු 18ක් විය යුතු බවට යෝජනා වී ඇති බව එම වාර්තාවේ සඳහන් වනවා.
ඒ සඳහා සුදුසු වගන්තියක් පනතට ඇතුළත් කළ යුතු වනවා.
ඒ අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 363 (ඊ) වගන්තියට සංශෝධනයක් ගෙන ඒම සඳහා සලකා බැලිය යුතු වන්නේ, එම වගන්තියේ ‘කාන්තාව වයස අවුරුදු 12ට වැඩි ඔහුගේ බිරිඳ නොවන්නේ නම් මිස’ යනුවෙන් සඳහන් වන දෙවන කොටස මකා දැමීමෙන්.
එලෙසම බහු භාර්යා සේවනය සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුතු බවට ද එම වාර්තාවේ නිර්දේශ කර තිබෙනවා.
මුස්ලිම් පුරුෂයින්ගේ බහු විවාහයන් තහනම් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙ අතර ඒ සඳහා සුදුසු වගන්තියක් පනතට ඇතුළත් කළ යුතු වනවා.
බොහෝ විවාහයන් විවාහ ගිවිස ගැනීම් පමණක් වන නමුත් ලියාපදිංචි කර නොමැති බැවින් මුස්ලිම් ප්‍රජාව තුළ පරිපාලනමය ගැටලු රාශියක් පැන නැගී ඇති බව කමිටුව නිරීක්ෂණය කර තිබෙනවා.
එබැවින්, විවාහකයින් හඳුනා ගැනීමට නිර්දේශ කරන ලද අතර පනත යටතේ වලංගු විවාහයක් සඳහා විවාහ මංගල්‍යය සහ ලියාපදිංචිය යන දෙකම අවශ්‍ය බව සඳහන් කරනවා.
වාර්තාවේ ක්වාසි ක්‍රමය ගැන ද සඳහන් කර ඇති අතර, මෑත කාලීනව “ක්වාසි” සහ “ක්වාසි ක්‍රමය” යන යෙදුම ප්‍රජාව තුළ සහ ඉන් පිටත බොහෝ විවාදයක් ඇති කර තිබෙනවා.
ඒ අනුව ‘ක්වාසි’ යන යෙදුම වෙනස් කිරීම ඇතුළුව ක්වාසි ක්‍රමයට ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන ලෙස කමිටුව නිර්දේශ කරනවා.
මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ ‘ක්වාසි’ පිළිබඳ සියලු යොමු කිරීම් අවලංගු කර “මුස්ලිම් විවාහ සහ දික්කසාද විනිශ්චයකරු” හෝ “විනිසුරුවරයා” යන යෙදුම ආදේශ කිරීමට කමිටුව නිර්දේශ කර තිබෙනවා.
“ක්වාසි මණ්ඩලය” “මුස්ලිම් විවාහ සහ දික්කසාද විනිශ්චය සභාව” ලෙස වෙනස් කිරීමට ද නිර්දේශ වී ඇති අතර පනතෙහි සියලුම තනතුරු සඳහා
කාන්තාවන් පත් කිරීමට අවසර දෙන ලෙස ඔවුහු වැඩිදුරටත් උපදෙස් දී තිබෙනවා.
මෙම වාර්තාව අධිකරණ අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද අතර එවකට අධිකරණ අමාත්‍ය සහ වත්මන් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ එම්.යූ.එම්. අලි සබ්රි මහතා විසින් පත් කරන ලද නීතීඥ ෂබ්රි හලීම්ඩීන් ඇතුළු 9 දෙනෙකුගෙන් යුත් උපදේශක කමිටුව විසින් වාර්තාව සම්පාදනය කර තිබෙනවා.